රුව රැකගන්න අතීතයේ
ඉදන්ම ඖෂධ රාශියක් භාවිතා කර ඇත.ඒ අතර කහ , වෙනිවැල් , කොකුම් පොතු, සැවැන්දරා, සුදු හඳුන්, රත් හඳුන්, කොහොඹ, කෝමාරිකා ආදී දේශීය ඖෂධ
රැසක් ප්‍රතිකර්ම සඳහා යොදාගනු ලබයි.කෘත්‍රීම ආලේපන වලට වඩා
සැබැවින්ම මෙම ස්වාභාවික ප්‍රතිකර්ම මගින් සාර්ථක ප්‍රතිපල අත්වේ.
කහ
ආයුර්වේද ඖෂධ ගණනාවක
අඩංගු වන කහ ප්‍රබල ලෙස ශරීරයේ ලේ පිරිසුදු කිරීම මෙන්ම මේදය දියකර හැරීමට
හේතුවෙයි ඒ විතරක් නෙමෙයි රූපලාවන්‍ය කටයුතු සදහා කහ නැතිවම බැරි දෙයකි.ශරීරයේ
පැහැය වැඩි කර ගැනිම සදහා උපකාරී වේ.
වෙනිවැල්
ශරීරයේ බාහිර හා අභ්‍යන්තරයට
සිදු කෙරෙන ප්‍රතිකාරයන්හිදී මෙය වඩාත් විශේෂ වෙයි
සැවැන්දරා
ඉතා ශීත ගුණයක් ඇති
සැවැන්දරා ශරීර අභ්‍යන්තරයට යොදා ගැන්මෙන් උෂ්ණාධික බව නිසා සමට වන බලපෑම් බැහැර
කරයි. ස්වභාවික ශාකසාර මුසු ෆේෂල් සඳහා ෆේෂල් පැක්වලට මෙන්ම ස්ක්‍රබ් කිරීම සඳහා
ද යොදා ගැනීමෙන් සමේ ගැටලුවලට නිසි ප්‍රතිඵල ලබාදෙයි.
සුදු හඳුන්
සුදු හඳුන් සහ රත් හඳුන්
වශයෙන් මෙහි වර්ග දෙකක් තිබෙයි සෞම්‍ය ගුණයත් රත් හඳුන් ලප කැළැල්
ඉවත්කර කුරුලෑවලට ප්‍රබල ගුණයක් ද ගෙන දෙයි.
කොකුම් පොතු
ආයුර්වේද රූපලාවණ්‍ය
ආලේපන සඳහා නැතුවම බැරි ප්‍රබල ඖෂධයකි. මෙය සිරුරේ ස්වාභාවික
පැහැය තව තවත් වර්ධනය කරන අතර සමේ තෙතමනය සුරකියි.
බොහෝවිට කෘත්‍රිම
ආලේපනවලින් ලද නොහැකි සාර්ථක ප්‍රතිඵල ආයුර්වේද ප්‍රතිකර්ම මඟින් ලද හැකි අතර
විශේෂයෙන්ම මෙහිදී කිසිදු අහිතකර බලපෑමක් හෝ අසාත්මිකතාවයකින් තොරව රූපලාවණ්‍ය
නිරෝගි බවත් පැහැයත් රූ සපුවත් ආරක්ෂා කරගත හැකි වෙයි.



👍👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteWell
ReplyDeletethank u
DeleteVery important artical ....
ReplyDeletethnks dr
DeleteGreat article
ReplyDeleteෂා..ක්ලියෝපට්රාත් කියන ඒවා..නියමයි..
ReplyDeleteGood
ReplyDeletethank you
Deletemamath test kerala balanne one dr.
ReplyDelete