සෞඛ්‍ය සම්පන්න සිරුරක් මෙන්ම
යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමටත් නීරෝගීව සිටින්නටත් අපි හැමෝම
කැමතියි..ඉතින් මේ හැම දෙයක්ම එකම දෙයකින් ලබාගන්න පුළුවන් නම් කොච්චර නම් හොදයිද?අද
අපි කියන්න යන්නේ එහෙම දෙයක් ගැන එනම් ජලය පානය කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ගැනයි.
සෞඛ්‍ය හා සම පිළිබඳ බොහෝ විශේෂඥයන්
පවසන්නේ, ජලය පානය කිරීමෙන් ශරීරයේ විෂ ඉවත්
කෙරෙන බවත්, සම මෘදු හා තරුණව තබා ගැනීම සඳහා උදවු
වන බවත් ය. වතුර වීදුරුවක්
පානය කර දවස ඇරැඹීම බොහෝ සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීමට පිලියමක් වෙනවා.දැනට පවතින වෛද්‍ය මතය අනුව
නිරෝගී මිනිසෙක් දිනකට ලීටර් 1-2ක් අතර ප්‍රමාණයක දියර ලබාගතයුතු වෙනවා එමෙන්ම කාන්තාවකට නම් ලීටර් 1.6 ක් වගේ දියර ප්‍රමාණයක් දිනකට ශරීරයට ගැනීම ප්‍රමාණවත් බව වෛද්‍ය මතය
වේ.පිරිමියෙකුට සඳහා එය ලීටර් 2ක් ද වේ. ඔබ ජිවත් වනුයේ
උණුසුම් කාලගුණයක් ඇති පරිසරයක නම් ඔබට ටිකක් වැඩි පුර වතුර බොන්න සිදු වෙනවා.
එසේම ඔබ පිට කරන මුත්‍රාවල වර්ණය
පිළිබඳවත් සැලකිල්ලෙන් සිටිම නිරෝගී බව වැඩි
කර ගැනීමට අවශ්‍ය වෙන දෙයකි. ඔබේ මුත්‍රවල පාට තද වර්ණයක්
ගන්නවා නම් ඔබ ටිකක් වැඩිපුර වතුර පානය කළ යුතු වෙනවා. එමෙන්ම මුත්‍රාවල
වර්ණය සුදු පැහැයට හුරු නම් ඔබ බොන වතුර ප්‍රමාණය අඩු කළ යුතුයි. නිරෝගී
මිනිසෙකුගේ මුත්‍රාවල පාට වියළි පිදුරු ගසක වර්ණයට සමාන බව සැලකේ.
එසේම උණුවතුර පානය කිරීමෙන් ඔබට
ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝය.
ආහාර ජීරණය පහසු කරයි
මළබද්ධය වළක්වයි
උගුරේ වේදනා අඩු කරයි
නාසය තද වීම අඩු කරයි
සිරුරේ බර අඩු කිරීමට උපකාරී වේ
සිරුරේ විෂ ඉවත් කරයි
ඔසප් වේදනාවන් අවම කරයි
රුධිර සංසරණය වේගවත් කරයි
වයස්ගත පෙනුම අඩු කරයි
රාත්‍රී නින්දට පෙර උණු වතුර පානය
කිරීමෙන්, සුව නින්දක් ලැබේ.
ඉතින් මෙවන් ප්‍රතිලාභ රැසක් වතුර පානය
කිරීමෙන් ඔබට ලැබෙනු ඇත.
