Thursday, January 18, 2018

ඔලිව් තෙල් ගැන ඔබ නොදත් රහස්



ඔලිව් තෙල්  සුන්දරත්වය උදෙසා භාවිතා කරන්නේ අද ඊයේ ඉදන් නම්  නෙමෙයි. ඒ  පිළිබද ආරම්භය දිගු කාලයකට දිව යනවා.එනම් රෝම ඉතිහාසයේ ක්ලියෝපැට්රා යුගය දක්වා එය දිව  යනවා. ස්වාභාවිකවම  ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි විජලනයෙන් සම ආරක්ෂා කිරීමටත්, හිසකෙස් සහ නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියාවක් තියෙනවා. ඉතින් ඔලිව් තෙල් වල ඔබ නොදැන සිටින නමුත් ඉතා වැදගත් රූපලාවන්‍ය රහස් රැසක් අන්තර්ගත වෙලා තියෙනවා...
ෂැම්පු කිරීමට පෙර හිසකෙස් වලට ප්‍රතිකාරයක් (හෙයා ට්‍රීට්මන්ට්) ලෙස.
ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිටම  ඔලිව් තෙල් හිසකෙස් වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල බව සදහන් වෙනවා. මෙහිදී ඔල්ව් තෙල් මදක් රත් කරගෙන  ඇඟිලි තුඩු භාවිතයෙන් හිසකෙස් වල මුල සහ හිස් කබලේ වදින සේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් පමණ තිබෙන්නට හැර ෂැම්පු යොදා සෝදා හරින්න.
ඇස් වල මේක්-අප් ඉවත් කිරීමට
ඇස්වල ගල්වන රුපලාවන්‍ය ආලේපන ඉවත් කිරීම පහසු කාර්යයක් නම් නෙමෙයි.එය හරියාකාරව නිවැරදිව කළ යුතු වෙනවා.ඉතින්  ඔලිව් තෙල් භාවිතා කර මෙය පහසුවෙන්ම සිදු කර ගත හැකිය.එනම් ඔලිව් තෙල්    ඇස වටා අලේප කර ඇතිල්ලීම මගින් පහසුවෙන් මෙය සිදු කරගන්න පුළුවන් වෙනවා. ඔබට සිතෙන්න පුළුවන් තෙල් ජාති මුනේ ගෑවම සෝදා ගන්නත් අපහසුයි කියලා නමුත් ඇත්තටම ඔලිව් තෙල් වලින් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. හොදින් පිරිසිදු වීම තමයි මෙමගින්  සිදුවෙන්නේ.
හිසකෙස් වලට දිස්නයක් ලබාදීමට යොදා ගත හැකිය.
ඔලිව් තෙල් භාවිතා කරලා ඔයාගේ හිසකෙස් වලට දිස්නයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා.ඉතින් මේකට අමුතුවෙන් ලොකු ගානක් දීලා කොන්ඩේ ලස්සනට දිලිසෙන්න ආලේප කරන්න කඩෙන් තෙල් වර්ග ගන්න ඕනේ නෑ. කොන්ඩේ පීරලා ඉවර වුනාට පස්සේ හිසකෙස් මතුපිටින් ඔලිව් තෙල් ටිකක් ගාන්න. මෙමගින්  දිස්නයක් සමග හිසකෙස් වල ආයු කාලයද වැඩි කරගන්න පුළුවන් වෙනවා.
 නියපොතු වලට හොඳ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
වඩාත් අලංකාර දිගු නියපොතු ලබා ගැනීමට කාන්තා පාර්ශවය නම් දක්වන්නේ ලොකු කැමැත්තක්. අලංකාර දිගු නියපොතු ලබා ගැනීමට ඔලිව් තෙල් හරහා හැකියාවක් තියෙනවා.ඔලිව් තෙල් නිතර නියපොතු වල ගැල්වීමෙන් මෙවන් නියපොතු ලබාගන්න පුළුවන් කියලයි රූපලාවන්‍යවේදීන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි මුළුතැන්ගෙය තුලදී නියපොතු වලට වන හානිය අවම කරගැනීමටත් මෙමගින් හැකියාවක් ලැබෙන බවත් කිව යුතුයි.
යටිපතුල් ඉරි තැලීමට බෙහෙතක් ලෙස භාවිතා කළ හැකිය.
ඉරිතැළුණු යටිපතුල් සුව වීමට නම්  තෙතමනය අත්‍යවශ්‍ය වෙනවා. හොදින් සබන් ගා සේදීමෙන් පසු, ඔලිව් තෙල් යටි පතුල්වල ආලේප කරන්න. ඉන්පසු මේස් යුගලක් පැළද නින්දට යන්න. සති කිහිපයක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
රූපලාවන්‍ය ආලේපන ගල්වන බුරුසු පිරිසිදු කිරීම සඳහා.
මාසෙකට වරක්වත් රූපලාවන්‍ය ආලේපන ගැලවීමට යොදා ගන්න බුරුසු පිරිසිදු කල යුතුය. මේ සදහා ඔලිව් තෙල් භාවිතය වඩාත් පහසු වෙනවා.

මේ ආකාරයට ඔලිව් තෙල් අපගේ එදිනෙදා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට  හැකි වේ..

Monday, January 15, 2018

මහත කෙල්ලන්ට අගුණයි.කෙට්ටු කෙල්ලන්ට ගුණයි

ලස්සන වෙන්න හැමෝම කැමතිනේ.. ඒ අතරින් සුන්දර පිරිපුන් සිරුරක් හැමෝටම ලැබෙන්නේ නෑ.ඉතින් සුන්දර සිරුරක් ලබා ගන්න මහත කට්ටිය විතරක් නෙමෙයි කෙට්ටු කට්ටියත්  එක එක විදියේ ක්‍රම අනුගමනය කරන  බව හැමෝම දන්නා රහසක්නේ..  ඒ අතරිනුත් බොහෝ දෙනෙක්  කතා වෙන්නේ කෙට්ටු  වෙන ක්‍රම ගැනනේ  ඉතින් අපි අද Cleopatra’s පාල(ර් ) එකෙන් කියන්න යන්නේ කෙට්ටු  කෙල්ලන්ට විතරක් නෙමෙයි  කෙට්ටු කොල්ලන්ටත් මහත්  වෙන ක්‍රමයක් ගැනයි.

ඔන්න දැන් කෙට්ටු කෙල්ලන්ටයි කෙට්ටු කොල්ලන්ටයි  මහත් වෙන්න ක්‍රමයක් හොයාගෙන. ඒ වෙන කොහෙන්වත් නෙවෙයි  අපේ  අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියානු යුවතියන් විවාහයට පෙර සිටම පිරිපුන් සිරුරකින් සිටිය යුතුමයිලු. එය නීතියක් බවයි කියවෙන්නේ. ඉතින් කෙට්ටු ගැහැනු ළමයින්ට මහත් වෙන්න හැකිතාක් රටඉදි සහ වියලි මිදී කන්න දෙන්න ඕනි කියලයි ඔවුන් පවසන්නේ. ඇත්තටම මේ ආහාර දෙකේම කාබෝහයිඩ්‍රේට බහුලයි. ඉතින් ඉන්  වේගයෙන් සිරුර වර්ධනය වෙනවා. ඒ වගේම ඉක්මනින් මහත් වෙනවා. මහත කෙල්ලන්ට අගුණම  කෙට්ටු කෙල්ලන්ට ගුණම ආහාර දෙක ලෙසයි රටඉදි  සහ වියලි මිදී හදුන්වන්නේ.ඉතින් ඔබත් කෙට්ටුනම් අදම උත්සහ කර බලන්න මෙම ක්‍රමය කෙටි  කාලයක් අනුගමනය කලොත් ඔබට සාර්ථක ප්‍රථිපළ ලබා ගන්න පුළුවන් වේවි.



Sunday, January 14, 2018

බිත්තර මදයෙන් කළ හැකි ඔබ නොදන්නා සුන්දරත්වයේ රහස්




බිත්තර කියන්නේ ආහාරයක් විතරක් නෙමෙයි.  රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳවයි

  • තෙල් සහිත සමට 

තෙල් සහිත සමක තෙල් පාලනය කරන්න බිත්තර සුදු මදය ඉතා යෝග්‍යය වෙනවා. බිත්තර සුදු මදයට ලෙමන් යුෂ තේ හැඳි 3ක් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් සෝදා ඉවත් කරන්න.

  •  හිස කෙස් වර්ධනයට

දුර්වල, අවපැහැ ගැන්වුණු, හිස කෙස් වලට බාහිරින් ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක් ලෙස  බිත්තර සුදු මදය ආලේප කිරීම හදුන්වා දෙන්න පුළුවන් . හිස් කබලේ බිත්තර සුදු මදය ආලේප කර විනාඩි 30 කින් ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න. හිස කෙස් වර්ධනය කරන්න මෙන්ම කෙස් කළඹේ නිරෝගී භාවයටත් මෙය යොදාගත හැකිය. 

  • සමට හොඳ scrub එකක් විදියට 

සමේ කුණු දූවිලි, මැරුණු සම ඉවත් කරන්න scrub එකක් විදිහට බිත්තර සුදු මදය භාවිතා කරන්න පුළුවන්. බිත්තර සුදු මදය ගෙන හොඳින් බීට් කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර හොඳින් වියලෙන්නට හරින්න. විනාඩි 20ක් 30ක් විතර පමණ. ඉන්පසු මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට දවසක් හෝ දෙකක් මේ සත්කාරය  පාවිච්චි කරලා බලන්න පැහැදිලි වෙනසක් දැක ගන්නට පුළුවන් වේවි.

  •  ඇස් යට කළු වීමට

ඇස් යට කළු වීම වළක්වා ගැනීමටත් බිත්තර මගින් හැකියාවක් ලැබෙනවා. එනම් බිත්තර සුදු මදය ඇස් වටා ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරන්න.

  •  හිරු එළිය නිසා ඇති වුණු අවපැහැ වීම් අවම කරගැනීමට 

හිරු රශ්මියේ ඇති අහිතකර UV කිරණ නිසා සම මත ඇති වන ලප, අවපැහැ වීම් අවම කර ගන්න බිත්තර සුදු මදයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරලා අවපැහැ ගැන්වුණු ප්‍රදේශ වල ආලේප කරන්න. ක්‍රමානුකුලව සතියට තුන්වරක් වත් කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.