Friday, February 2, 2018

සුන්දරත්වයේ රහස්

රුව රැකගන්න අතීතයේ ඉදන්ම  ඖෂධ රාශියක් භාවිතා කර ඇත.ඒ අතර  කහ , වෙනිවැල් , කොකුම් පොතු, සැවැන්දරා, සුදු හඳුන්, රත් හඳුන්, කොහොඹ, කෝමාරිකා ආදී දේශීය ඖෂධ රැසක් ප්‍රතිකර්ම සඳහා යොදාගනු ලබයි.කෘත්‍රීම ආලේපන වලට වඩා සැබැවින්ම මෙම ස්වාභාවික ප්‍රතිකර්ම මගින් සාර්ථක ප්‍රතිපල අත්වේ.

කහ
ආයුර්වේද ඖෂධ ගණනාවක අඩංගු වන කහ ප්‍රබල ලෙස ශරීරයේ ලේ පිරිසුදු කිරීම මෙන්ම මේදය දියකර හැරීමට හේතුවෙයි ඒ විතරක් නෙමෙයි රූපලාවන්‍ය කටයුතු සදහා කහ නැතිවම බැරි දෙයකි.ශරීරයේ පැහැය වැඩි කර ගැනිම සදහා උපකාරී වේ.

වෙනිවැල්
ශරීරයේ බාහිර හා අභ්‍යන්තරයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්හිදී මෙය වඩාත් විශේෂ වෙයි




සැවැන්දරා
ඉතා ශීත ගුණයක් ඇති සැවැන්දරා ශරීර අභ්‍යන්තරයට යොදා ගැන්මෙන් උෂ්ණාධික බව නිසා සමට වන බලපෑම් බැහැර කරයි. ස්වභාවික ශාකසාර මුසු ෆේෂල් සඳහා ෆේෂල් පැක්වලට මෙන්ම ස්ක්‍රබ් කිරීම සඳහා ද යොදා ගැනීමෙන් සමේ ගැටලුවලට නිසි ප්‍රතිඵල ලබාදෙයි.

සුදු හඳුන්
සුදු හඳුන් සහ රත් හඳුන් වශයෙන් මෙහි වර්ග දෙකක් තිබෙයි  සෞම්‍ය ගුණයත් රත් හඳුන් ලප කැළැල් ඉවත්කර කුරුලෑවලට ප්‍රබල ගුණයක් ද ගෙන දෙයි.


කොකුම් පොතු
ආයුර්වේද රූපලාවණ්‍ය ආලේපන සඳහා නැතුවම බැරි ප්‍රබල ඖෂධයකි. මෙය සිරුරේ ස්වාභාවික පැහැය තව තවත් වර්ධනය කරන අතර සමේ තෙතමනය සුරකියි.

බොහෝවිට කෘත්‍රිම ආලේපනවලින් ලද නොහැකි සාර්ථක ප්‍රතිඵල ආයුර්වේද ප්‍රතිකර්ම මඟින් ලද හැකි අතර විශේෂයෙන්ම මෙහිදී කිසිදු අහිතකර බලපෑමක් හෝ අසාත්මිකතාවයකින් තොරව රූපලාවණ්‍ය නිරෝගි බවත් පැහැයත් රූ සපුවත් ආරක්ෂා කරගත හැකි වෙයි.


Sunday, January 28, 2018

මොනවද මේ පිග්මන්ටේෂන් කියන්නේ


මොනවද ඇත්තටම මේ පිග්මන්ටේෂන් කියන්නේ. අද Cleopatra’s  පාලර් එකෙන් ඔයාලට කියන්නේ ඒ ගැනයි. 
කොහොමද පිග්මන්ටේෂන් ඇති වෙන්නේ.මෙලනින් වර්ණකය සමේ තැනින්තැන එක් රැස් වීම මඟින් පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි පහත කරුණුත් පිග්මන්ටේෂන් ඇති වෙන්න ප්‍රබල වශයෙන්ම බලපානවා.
  • ජානවල බලපෑම හෝ හෝමෝනවල බලපෑමක් නිසා.
  • බ්ලීචින්ග් සහිත ක්‍රීම් වර්ග කාලයක් ආලේප කිරීම නිසා.
  • රසායනික ද්‍රව්‍ය සහිත, ප්‍රමිතියෙන් තොර වර්ණක හිස කෙස් වර්ණ ගැන්වීමට යොදා ගැනීම නිසා.
  • යම් රෝගයක් වෙනුවෙන් ලබා ගත් බෙහෙතක අතුරු ඵලයක් නිසා.
  • වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක් වීම නිසා
  • සම අධික හිරු එලියට නිරාවරණය වීමෙන් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

ඇත්තටම මේ සඳහා ප්‍රතිකාරයක් නැද්ද?

පිග්මන්ටෙෂන් සඳහා ස්වාභාවික ප්‍රතිකර්ම ක්‍රම මගින් සාර්ථක ප්‍රතිපල අත්කර ගන්න පුළුවන්.ඒ සදහා            ඔබටපහත  ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.                                                                                              
  • අමු අල ගෙඩියක පෙත්තක් කපා වතුර බින්ඳු කීපයක් සමඟ මුහුණේ ලප සහිත ස්ථාන වල සෙමින් පිරිමදින්න. විනාඩි 10කට පමණ පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • ලෙමන් ගෙඩියක යුෂ හා මී පැණි තේ හැඳි 2ක් හොදින්  මිශ්‍ර කර මුහුණේ ගලවන්න. විනාඩි 15කට පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • ලෙමන් යුෂ තේ හැන්දක් සහ කහ කුඩු තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ගලවන්න. විනාඩි 15කට පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය රාත්‍රී නින්දට යාමට පෙර සිදු කිරීම කළ යුතුය.
  • රතු ලූණු ගෙඩියක් අඹරා මුහුණේ ගලවන්න. විනාඩි 10කට පමණ පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.


  • කෝමාරිකා යුෂ තේ හැඳි දෙකකට, මී පැණි තේ හැඳි භාගයක් එක් කර මුහුණේ ගලවන්න. විනාඩි 20කට පමණ පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • පිපිඤ්ඤා යුෂ, මී පැණි සහ දෙහි යුෂ තේ හැන්ද බැගින් මිශ්‍ර කර ගෙන මුහුණේ ගලවන්න. විනාඩි 10කට පමණ පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. 
මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිපල අත් කරගන්න පුළුවන් වේවී.

Monday, January 22, 2018

ලස්සන වෙන්න වතුර බොන්න



සෞඛ්‍ය සම්පන්න සිරුරක් මෙන්ම යහපත්  ජීවන රටාවක් පවත්වාගෙන යාමටත් නීරෝගීව සිටින්නටත් අපි හැමෝම කැමතියි..ඉතින් මේ හැම දෙයක්ම එකම දෙයකින් ලබාගන්න පුළුවන් නම් කොච්චර නම් හොදයිද?අද අපි කියන්න යන්නේ එහෙම දෙයක් ගැන එනම් ජලය පානය කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ගැනයි.
සෞඛ්‍ය හා සම පිළිබඳ බොහෝ විශේෂඥයන් පවසන්නේ, ජලය පානය කිරීමෙන් ශරීරයේ විෂ ඉවත් කෙරෙන බවත්, සම මෘදු හා තරුණව තබා ගැනීම සඳහා උදවු වන බවත් ය. වතුර වීදුරුවක් පානය කර දවස ඇරැඹීම බොහෝ සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීමට පිලියමක් වෙනවා.දැනට පවතින වෛද්‍ය මතය අනුව නිරෝගී මිනිසෙක් දිනකට ලීටර් 1-2ක් අතර ප්‍රමාණයක දියර ලබාගතයුතු වෙනවා එමෙන්ම කාන්තාවකට නම් ලීටර් 1.6 ක් වගේ දියර ප්‍රමාණයක් දිනකට ශරීරයට ගැනීම ප්‍රමාණවත් බව වෛද්‍ය මතය වේ.පිරිමියෙකුට සඳහා එය ලීටර් 2ක් ද වේ. ඔබ ජිවත් වනුයේ උණුසුම් කාලගුණයක් ඇති පරිසරයක නම් ඔබට ටිකක් වැඩි පුර වතුර බොන්න සිදු වෙනවා.
එසේම ඔබ පිට කරන මුත්‍රාවල වර්ණය පිළිබඳවත් සැලකිල්ලෙන් සිටිම නිරෝගී බව වැඩි කර ගැනීමට අවශ්‍ය වෙන දෙයකි. ඔබේ මුත්‍රවල පාට තද වර්ණයක් ගන්නවා නම් ඔබ ටිකක් වැඩිපුර වතුර පානය කළ යුතු වෙනවා. එමෙන්ම මුත්‍රාවල වර්ණය සුදු පැහැයට හුරු නම් ඔබ බොන වතුර ප්‍රමාණය අඩු කළ යුතුයි. නිරෝගී මිනිසෙකුගේ මුත්‍රාවල පාට වියළි පිදුරු ගසක වර්ණයට සමාන බව සැලකේ.
එසේම උණුවතුර පානය කිරීමෙන් ඔබට  ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝය.
ආහාර ජීරණය පහසු කරයි
මළබද්ධය වළක්වයි
උගුරේ වේදනා අඩු කරයි
නාසය තද වීම අඩු කරයි
සිරුරේ බර අඩු කිරීමට උපකාරී වේ
සිරුරේ විෂ ඉවත් කරයි
ඔසප් වේදනාවන් අවම කරයි
රුධිර සංසරණය වේගවත් කරයි
වයස්ගත පෙනුම අඩු කරයි
රාත්‍රී නින්දට පෙර උණු වතුර පානය කිරීමෙන්, සුව නින්දක් ලැබේ.
ඉතින් මෙවන් ප්‍රතිලාභ රැසක් වතුර පානය කිරීමෙන් ඔබට ලැබෙනු ඇත.


Thursday, January 18, 2018

ඔලිව් තෙල් ගැන ඔබ නොදත් රහස්



ඔලිව් තෙල්  සුන්දරත්වය උදෙසා භාවිතා කරන්නේ අද ඊයේ ඉදන් නම්  නෙමෙයි. ඒ  පිළිබද ආරම්භය දිගු කාලයකට දිව යනවා.එනම් රෝම ඉතිහාසයේ ක්ලියෝපැට්රා යුගය දක්වා එය දිව  යනවා. ස්වාභාවිකවම  ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි විජලනයෙන් සම ආරක්ෂා කිරීමටත්, හිසකෙස් සහ නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියාවක් තියෙනවා. ඉතින් ඔලිව් තෙල් වල ඔබ නොදැන සිටින නමුත් ඉතා වැදගත් රූපලාවන්‍ය රහස් රැසක් අන්තර්ගත වෙලා තියෙනවා...
ෂැම්පු කිරීමට පෙර හිසකෙස් වලට ප්‍රතිකාරයක් (හෙයා ට්‍රීට්මන්ට්) ලෙස.
ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිටම  ඔලිව් තෙල් හිසකෙස් වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල බව සදහන් වෙනවා. මෙහිදී ඔල්ව් තෙල් මදක් රත් කරගෙන  ඇඟිලි තුඩු භාවිතයෙන් හිසකෙස් වල මුල සහ හිස් කබලේ වදින සේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් පමණ තිබෙන්නට හැර ෂැම්පු යොදා සෝදා හරින්න.
ඇස් වල මේක්-අප් ඉවත් කිරීමට
ඇස්වල ගල්වන රුපලාවන්‍ය ආලේපන ඉවත් කිරීම පහසු කාර්යයක් නම් නෙමෙයි.එය හරියාකාරව නිවැරදිව කළ යුතු වෙනවා.ඉතින්  ඔලිව් තෙල් භාවිතා කර මෙය පහසුවෙන්ම සිදු කර ගත හැකිය.එනම් ඔලිව් තෙල්    ඇස වටා අලේප කර ඇතිල්ලීම මගින් පහසුවෙන් මෙය සිදු කරගන්න පුළුවන් වෙනවා. ඔබට සිතෙන්න පුළුවන් තෙල් ජාති මුනේ ගෑවම සෝදා ගන්නත් අපහසුයි කියලා නමුත් ඇත්තටම ඔලිව් තෙල් වලින් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. හොදින් පිරිසිදු වීම තමයි මෙමගින්  සිදුවෙන්නේ.
හිසකෙස් වලට දිස්නයක් ලබාදීමට යොදා ගත හැකිය.
ඔලිව් තෙල් භාවිතා කරලා ඔයාගේ හිසකෙස් වලට දිස්නයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා.ඉතින් මේකට අමුතුවෙන් ලොකු ගානක් දීලා කොන්ඩේ ලස්සනට දිලිසෙන්න ආලේප කරන්න කඩෙන් තෙල් වර්ග ගන්න ඕනේ නෑ. කොන්ඩේ පීරලා ඉවර වුනාට පස්සේ හිසකෙස් මතුපිටින් ඔලිව් තෙල් ටිකක් ගාන්න. මෙමගින්  දිස්නයක් සමග හිසකෙස් වල ආයු කාලයද වැඩි කරගන්න පුළුවන් වෙනවා.
 නියපොතු වලට හොඳ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
වඩාත් අලංකාර දිගු නියපොතු ලබා ගැනීමට කාන්තා පාර්ශවය නම් දක්වන්නේ ලොකු කැමැත්තක්. අලංකාර දිගු නියපොතු ලබා ගැනීමට ඔලිව් තෙල් හරහා හැකියාවක් තියෙනවා.ඔලිව් තෙල් නිතර නියපොතු වල ගැල්වීමෙන් මෙවන් නියපොතු ලබාගන්න පුළුවන් කියලයි රූපලාවන්‍යවේදීන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි මුළුතැන්ගෙය තුලදී නියපොතු වලට වන හානිය අවම කරගැනීමටත් මෙමගින් හැකියාවක් ලැබෙන බවත් කිව යුතුයි.
යටිපතුල් ඉරි තැලීමට බෙහෙතක් ලෙස භාවිතා කළ හැකිය.
ඉරිතැළුණු යටිපතුල් සුව වීමට නම්  තෙතමනය අත්‍යවශ්‍ය වෙනවා. හොදින් සබන් ගා සේදීමෙන් පසු, ඔලිව් තෙල් යටි පතුල්වල ආලේප කරන්න. ඉන්පසු මේස් යුගලක් පැළද නින්දට යන්න. සති කිහිපයක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
රූපලාවන්‍ය ආලේපන ගල්වන බුරුසු පිරිසිදු කිරීම සඳහා.
මාසෙකට වරක්වත් රූපලාවන්‍ය ආලේපන ගැලවීමට යොදා ගන්න බුරුසු පිරිසිදු කල යුතුය. මේ සදහා ඔලිව් තෙල් භාවිතය වඩාත් පහසු වෙනවා.

මේ ආකාරයට ඔලිව් තෙල් අපගේ එදිනෙදා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට  හැකි වේ..

Monday, January 15, 2018

මහත කෙල්ලන්ට අගුණයි.කෙට්ටු කෙල්ලන්ට ගුණයි

ලස්සන වෙන්න හැමෝම කැමතිනේ.. ඒ අතරින් සුන්දර පිරිපුන් සිරුරක් හැමෝටම ලැබෙන්නේ නෑ.ඉතින් සුන්දර සිරුරක් ලබා ගන්න මහත කට්ටිය විතරක් නෙමෙයි කෙට්ටු කට්ටියත්  එක එක විදියේ ක්‍රම අනුගමනය කරන  බව හැමෝම දන්නා රහසක්නේ..  ඒ අතරිනුත් බොහෝ දෙනෙක්  කතා වෙන්නේ කෙට්ටු  වෙන ක්‍රම ගැනනේ  ඉතින් අපි අද Cleopatra’s පාල(ර් ) එකෙන් කියන්න යන්නේ කෙට්ටු  කෙල්ලන්ට විතරක් නෙමෙයි  කෙට්ටු කොල්ලන්ටත් මහත්  වෙන ක්‍රමයක් ගැනයි.

ඔන්න දැන් කෙට්ටු කෙල්ලන්ටයි කෙට්ටු කොල්ලන්ටයි  මහත් වෙන්න ක්‍රමයක් හොයාගෙන. ඒ වෙන කොහෙන්වත් නෙවෙයි  අපේ  අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියානු යුවතියන් විවාහයට පෙර සිටම පිරිපුන් සිරුරකින් සිටිය යුතුමයිලු. එය නීතියක් බවයි කියවෙන්නේ. ඉතින් කෙට්ටු ගැහැනු ළමයින්ට මහත් වෙන්න හැකිතාක් රටඉදි සහ වියලි මිදී කන්න දෙන්න ඕනි කියලයි ඔවුන් පවසන්නේ. ඇත්තටම මේ ආහාර දෙකේම කාබෝහයිඩ්‍රේට බහුලයි. ඉතින් ඉන්  වේගයෙන් සිරුර වර්ධනය වෙනවා. ඒ වගේම ඉක්මනින් මහත් වෙනවා. මහත කෙල්ලන්ට අගුණම  කෙට්ටු කෙල්ලන්ට ගුණම ආහාර දෙක ලෙසයි රටඉදි  සහ වියලි මිදී හදුන්වන්නේ.ඉතින් ඔබත් කෙට්ටුනම් අදම උත්සහ කර බලන්න මෙම ක්‍රමය කෙටි  කාලයක් අනුගමනය කලොත් ඔබට සාර්ථක ප්‍රථිපළ ලබා ගන්න පුළුවන් වේවි.



Sunday, January 14, 2018

බිත්තර මදයෙන් කළ හැකි ඔබ නොදන්නා සුන්දරත්වයේ රහස්




බිත්තර කියන්නේ ආහාරයක් විතරක් නෙමෙයි.  රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳවයි

  • තෙල් සහිත සමට 

තෙල් සහිත සමක තෙල් පාලනය කරන්න බිත්තර සුදු මදය ඉතා යෝග්‍යය වෙනවා. බිත්තර සුදු මදයට ලෙමන් යුෂ තේ හැඳි 3ක් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් සෝදා ඉවත් කරන්න.

  •  හිස කෙස් වර්ධනයට

දුර්වල, අවපැහැ ගැන්වුණු, හිස කෙස් වලට බාහිරින් ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක් ලෙස  බිත්තර සුදු මදය ආලේප කිරීම හදුන්වා දෙන්න පුළුවන් . හිස් කබලේ බිත්තර සුදු මදය ආලේප කර විනාඩි 30 කින් ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න. හිස කෙස් වර්ධනය කරන්න මෙන්ම කෙස් කළඹේ නිරෝගී භාවයටත් මෙය යොදාගත හැකිය. 

  • සමට හොඳ scrub එකක් විදියට 

සමේ කුණු දූවිලි, මැරුණු සම ඉවත් කරන්න scrub එකක් විදිහට බිත්තර සුදු මදය භාවිතා කරන්න පුළුවන්. බිත්තර සුදු මදය ගෙන හොඳින් බීට් කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර හොඳින් වියලෙන්නට හරින්න. විනාඩි 20ක් 30ක් විතර පමණ. ඉන්පසු මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට දවසක් හෝ දෙකක් මේ සත්කාරය  පාවිච්චි කරලා බලන්න පැහැදිලි වෙනසක් දැක ගන්නට පුළුවන් වේවි.

  •  ඇස් යට කළු වීමට

ඇස් යට කළු වීම වළක්වා ගැනීමටත් බිත්තර මගින් හැකියාවක් ලැබෙනවා. එනම් බිත්තර සුදු මදය ඇස් වටා ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරන්න.

  •  හිරු එළිය නිසා ඇති වුණු අවපැහැ වීම් අවම කරගැනීමට 

හිරු රශ්මියේ ඇති අහිතකර UV කිරණ නිසා සම මත ඇති වන ලප, අවපැහැ වීම් අවම කර ගන්න බිත්තර සුදු මදයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරලා අවපැහැ ගැන්වුණු ප්‍රදේශ වල ආලේප කරන්න. ක්‍රමානුකුලව සතියට තුන්වරක් වත් කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.



Wednesday, January 10, 2018

රුව රැක දෙන සුන්දරත්වයේ රහස්





අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා මී පැණි භාවිතා කර ඇත. රුව වඩවා ගැනීමේ ක්‍රම අතර  මී පැණි වලට අද්විතිය ස්ථානයක් හිමිවේ.  මී පැණි සමේ මැරුණ සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් ඔබට ලබා දෙනු ඇත.පහත සදහන් දේ සිදු කිරීම මගින් ඔබට පැහැපත් සමක් ලබා ගැනීමට හැකි වෙනවා.

  • සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.
  • ඒ විතරක් නෙමෙයි මී පැණි සහ තක්කාලි යොදාගෙන ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. එම මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් තබා ගෙන සිට ඉන්පසු සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි සමක් උරුම කර ගැනීමට ඔබට හැකි වේවි.
  • කිසිවක් මිශ්‍ර නොකරන ලද ඔබේ මුහුණේ මී පැණි ආලේප කර විනාඩි 10කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට  මෙමගින් හැකිවේවි.
  • රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. මෙමගින් සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.



Monday, January 8, 2018

මුහුණේ ලප කැලැල් ඉවත් කරගැනිමට ගෙදරදීම ආලේපනයක් හදා ගමුද?



පියවර 01   මුලින්ම මුහුණ හොදින් සෝදා ගන්න.ඉන්පසු කෝමාරිකා මදයට දෙහි බිංදූ ස්වල්පයක් මිශ්‍රකර මුහුණේ ආලේපකොට උඩු අතට පිරිමදින්න.මෙය මිනිත්තු 10ක් පමණ පිරිමැද සෝදා හරින්න. 

පියවර 02   මි පැණි,බිත්තර සුදු මද,කස්තුරි කහ, දෙහි යුෂ එකට මිශ්‍රකොට තලපයක් සාදා  මුහුණේ ගලවන්න.මිනිත්තු 45කට පමණ පසු පැක් එක උඩු අතට ගලවා දමන්න පසුව ශිත ජලය පෙඟවූ පුළුන් කැබැල්ලකින් පිසදාගන්න.මෙම ප්‍රතිකාරය සතියකට දෙවරක් පමණ කිරීමෙන් ඔබේ මුහුණේ කළු පැල්ලම් ඉවත් වී මුහුණ දීප්තිමත් වෙනු ඇත.

Sunday, January 7, 2018

Cleopatra’s පාල(ර්)

අද තරුණ ප්‍රජාව අතර සුදු වෙන්න තියෙන්නේ පුදුම මේනියාවක් තමයි.ඉතින් අතට අහුවෙන හැම කෘතිම ආලේපනයක්ම මුණේ ගාලා අන්තිමට වෙන්නේ සුදු මැළි වෙන්න තමයි.මෙය ගැහැණු ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් එකලෙස අදාළ වෙනවා.ඉතින් අපි කියන්න යන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ආයුර්වේදයට අනුව සුන්දරත්වය හෙවත්ලස්සන ඇති කරගන්නේ කොහොමද කියලා.බලාගෙන ඉන්න Cleopatra’s පාල(ර්) එකෙන් හැම දෙයකටම ඇලජික් නැති විසදුම් ලබා දෙනකන්.