ඔලිව් තෙල්
සුන්දරත්වය උදෙසා භාවිතා කරන්නේ අද ඊයේ ඉදන් නම් නෙමෙයි. ඒ
පිළිබද ආරම්භය දිගු කාලයකට දිව යනවා.එනම් රෝම ඉතිහාසයේ ක්ලියෝපැට්රා යුගය
දක්වා එය දිව යනවා. ස්වාභාවිකවම ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු
වෙනවා. ඒ විතරක් නෙමෙයි විජලනයෙන් සම ආරක්ෂා කිරීමටත්, හිසකෙස්
සහ නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියාවක් තියෙනවා. ඉතින් ඔලිව් තෙල්
වල ඔබ නොදැන සිටින නමුත් ඉතා වැදගත් රූපලාවන්‍ය රහස් රැසක් අන්තර්ගත වෙලා
තියෙනවා...
ෂැම්පු කිරීමට පෙර හිසකෙස්
වලට ප්‍රතිකාරයක් (හෙයා ට්‍රීට්මන්ට්) ලෙස.
ඊජිප්තු ශිෂ්ටාචාරයේ
සිටම ඔලිව් තෙල් හිසකෙස් වලට ප්‍රතිකාරයක්
ලෙස භාවිතා කල බව සදහන් වෙනවා. මෙහිදී ඔල්ව් තෙල් මදක් රත් කරගෙන ඇඟිලි තුඩු භාවිතයෙන් හිසකෙස් වල මුල සහ හිස්
කබලේ වදින සේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් පමණ තිබෙන්නට හැර ෂැම්පු යොදා සෝදා හරින්න.
ඇස් වල මේක්-අප් ඉවත්
කිරීමට
ඇස්වල ගල්වන රුපලාවන්‍ය
ආලේපන ඉවත් කිරීම පහසු කාර්යයක් නම් නෙමෙයි.එය හරියාකාරව නිවැරදිව කළ යුතු
වෙනවා.ඉතින් ඔලිව් තෙල් භාවිතා කර මෙය
පහසුවෙන්ම සිදු කර ගත හැකිය.එනම් ඔලිව් තෙල් ඇස වටා අලේප කර ඇතිල්ලීම මගින් පහසුවෙන් මෙය
සිදු කරගන්න පුළුවන් වෙනවා. ඔබට සිතෙන්න පුළුවන් තෙල් ජාති මුනේ ගෑවම සෝදා ගන්නත්
අපහසුයි කියලා නමුත් ඇත්තටම ඔලිව් තෙල්
වලින් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. හොදින් පිරිසිදු වීම තමයි මෙමගින් සිදුවෙන්නේ.
හිසකෙස් වලට දිස්නයක්
ලබාදීමට යොදා ගත හැකිය.
ඔලිව් තෙල් භාවිතා කරලා
ඔයාගේ හිසකෙස් වලට දිස්නයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා.ඉතින් මේකට අමුතුවෙන් ලොකු
ගානක් දීලා කොන්ඩේ ලස්සනට දිලිසෙන්න ආලේප කරන්න කඩෙන් තෙල් වර්ග ගන්න ඕනේ නෑ.
කොන්ඩේ පීරලා ඉවර වුනාට පස්සේ හිසකෙස් මතුපිටින් ඔලිව් තෙල් ටිකක් ගාන්න.
මෙමගින් දිස්නයක් සමග හිසකෙස් වල ආයු
කාලයද වැඩි කරගන්න පුළුවන් වෙනවා.
නියපොතු වලට හොඳ ඖෂධයක් ලෙස
භාවිතා කළ හැකිය.
වඩාත් අලංකාර දිගු
නියපොතු ලබා ගැනීමට කාන්තා පාර්ශවය නම් දක්වන්නේ ලොකු කැමැත්තක්. අලංකාර දිගු
නියපොතු ලබා ගැනීමට ඔලිව් තෙල් හරහා හැකියාවක් තියෙනවා.ඔලිව් තෙල් නිතර නියපොතු වල
ගැල්වීමෙන් මෙවන් නියපොතු ලබාගන්න පුළුවන් කියලයි රූපලාවන්‍යවේදීන් කියන්නේ. ඒ
විතරක් නෙමෙයි මුළුතැන්ගෙය තුලදී නියපොතු වලට වන හානිය අවම කරගැනීමටත් මෙමගින්
හැකියාවක් ලැබෙන බවත් කිව යුතුයි.
යටිපතුල් ඉරි තැලීමට
බෙහෙතක් ලෙස භාවිතා කළ හැකිය.
ඉරිතැළුණු යටිපතුල් සුව
වීමට නම් තෙතමනය අත්‍යවශ්‍ය වෙනවා. හොදින්
සබන් ගා සේදීමෙන් පසු, ඔලිව් තෙල් යටි පතුල්වල ආලේප කරන්න. ඉන්පසු මේස් යුගලක්
පැළද නින්දට යන්න. සති කිහිපයක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
රූපලාවන්‍ය ආලේපන ගල්වන
බුරුසු පිරිසිදු කිරීම සඳහා.
මාසෙකට වරක්වත් රූපලාවන්‍ය
ආලේපන ගැලවීමට යොදා ගන්න බුරුසු පිරිසිදු කල යුතුය. මේ සදහා ඔලිව් තෙල් භාවිතය
වඩාත් පහසු වෙනවා.
මේ ආකාරයට ඔලිව් තෙල්
අපගේ එදිනෙදා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට
හැකි වේ..

Wadagath karunu tikak...
ReplyDeletethank uu
DeleteGood
ReplyDeleteThnak u
DeleteEka nm niymai
ReplyDeleteThnzz😘😘
DeleteGood idea....
ReplyDeleteThnak u
Deleteවැදගත් ලිපියක්...
ReplyDeleteGdk වැදගත්
ReplyDeleteThnxx dr
Deleteවැදගත්.. නොදන්නා දේවල් දැනගත්තා
ReplyDeleteThnxx😀
DeleteThnk u mali
ReplyDeleteWedagath lipiyak
ReplyDeleteThnak u dr
ReplyDeleteSuper...
ReplyDelete